ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම නොයෙකුත් දුෂ්කර කාල වකවානුවක් තුළ ශක්තිමත් වෙමින් අද වන විට ස්ථාවරත්වයක් ගොඩනගාගෙන අවසන්. පසුගිය දවසක ඔවුන් විසින් උපයා ගත් ලාභාංශ මුදලින් රුපියල් බිලියන තුනක මුදලක් රජයේ භාණ්ඩාගාරය වෙත ප්‍රධානය කිරීමත් සිදුවුණා.

වර්තමානයේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ අර්බුදකාරී තත්ත්වය,ලෝක අර්බුදකාරී තත්ත්වයන්,නැව් ගමනා ගමන ගාස්තු ඉහල යාම වැනි සාධක මත එල්.පී ගෑස් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.ඒ නිසාම ජාත්‍යන්තර වෙළඳපළේ මේ වෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වෙන්නේ ඉහළ මිලකට.

නමුත් ලිට්රෝ සමාගම මේ පවතින අධික බදු බර නිසා නැවත වතාවක් ජනතාවට පීඩනයක් නොදීමට ජාත්‍යන්තර වෙළඳපළ තුළ එල් පී ගෑස් මිල කොතරම් ඉහළ ගියත් එකී පාඩුව විඳ දරාගෙන  පෙබරවාරි මසදීත් කිසිදු මිල වෙනස් කිරීමකින් තොරව සමාගමක් වශයෙන් ඉදිරියට යාමට තීරණය කර ඇත.

ඉතින් සුවහසක් පරිභෝජකයන්ට මේ අවස්ථාව සහනදායී අවස්ථාවක්.දුර දක්නා නායකත්වය නිසි කලට වෙලාවට ඇවැසි තීරණ ගැනීම,ලාභ පාඩුව විඳ දරා ගැනීමට හැකි ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීම වැනි සාර්ථකත්වයන් නිසා ලිට්රෝ  සමාගමට අද දින මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා.

අවසානයේ ලිට්රෝ  සමාගමේ ගරු සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කළේ ජනතාව වෙනුවෙන් ආයතනයක් වශයෙන් දැරීමට සිදුවන අලාභය විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් බවයි.