ලංකාවේ පවතින ආර්ථික රටාවත් එක්ක බහුතරයක් දෙනාට එදිනෙදා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට අධික වියදමක් පිරිවැයක් දරන්නට සිදුවෙනවා.එම නිසාම බහුතරයක් දෙනා මේ ආර්ථිකයත් එක්ක හෙම්බත් වෙච්චි කාලයක් තමයි ගත කරන්නේ.

නමුත් හැමදාමත් නිසි කලට වෙලාවට සුදුසු තීරණ ගන්නා රාජ්‍ය සමාගමත් සමාගමක් වන ලිට්රෝ  සමාගම විවිධ අත්‍යවශ්‍ය නිෂ්පාදිතයන්වල මිල ඉහළ යාම සිදු කරන කාලසීමාවක මාර්තු මාසයේ සිය පාරිභෝගිකයන් වෙනුවෙන් හිතකාමී තීරණයක් ගැනීමට තීරණය කර ඇත. 

එම නිසාම ඔවුන් මාර්තු මස ලෝක වෙළඳපළේ ගෑස් මිල නොවෙනස්ව පැවතීම හේතු කොටගෙන එහි වාසි සහගත තත්ත්වය ජනතාවට ලබාදීම උදෙසා මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මාර්තු මසට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව,

12.5 kg මිල රු.4250.00

5kg මිල රු.1707.00 

2.3kg මිල රු.795.00

ලෙස පෙර පරිදිම පවතිනු ඇත.