වසර ගණනාවක් තිස්සේ  දැඩි ලෙස අබලන් ව පැවති කොලොන්නාව "මජිඩ් මහල් " නිවාස  පසුගිය මහ මැතිවරණයේදී  මහතාගේ නිරීක්ෂණයට ලක්වූනු අතර ,  පදිංචිකරුවන් ගේ  එකම ඉල්ලීම වූයේ එම නිවාස ඉතා අනාරක්ෂිත බැවින් නව නිවාස ලබා දෙන ලෙසයි.  


ඒ අනූව ඔහු කළ ඉල්ලීම මත හිටපු ජනාධිපතිතුමා , පදිංචිකරුවන්  44 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට පොරොන්දු විය.


 එම පොරොන්දුවට අනුව පසුගිය දිනයේදී ,   අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් එම නිවාස ලාභීන් සඳහා යතුරු ප්‍රදානය කිරීම  කොලොන්නාව නගර සභාවේදී සිදු කරන ලදී.