Tuesday, March 19, 2024

ලාභ ලබන ලිට්රෝ සමාගම පුද්ගලීකරණයට.. ප්‍රබලයෙක් සැලසුමේ මුල.


ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය. 

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වූ මෙම සකච්ච්චාවේදී එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තැබීම සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S /SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇත.

අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මඟින් ක්‍රියාත්මක  කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර  2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම  ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.

මෙම රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේරාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගන්නා ලද එකඟතා තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක. මෙම කරුණ සම්බන්ධව ලිට්රෝ සුරැකීමේ සංවිධානය විසින් ඔබ පාර්ශවයන්ගේ මැදිහත්වීම අපේක්ෂා කොට මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු

Monday, March 18, 2024

ටෙන්ඩර් භාර ගැනීම අවසන් - ලිට්රෝ එකමුතුවෙන් චෝදනාවක්

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.

මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින අතර එම සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් බාර ගැනීම පසුගියදා අවසන්විය.

එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.

1) EpDeSa PTE Ltd (Singapore)

2) Bharat Petroleum (India)

3) AyGaz (Turkey)

4) Siam Gas (Thailand)

5) BGN DMCC (UAE)

6) Confidence Petroleum (India)

7) OQ Trading (UAE/ Oman)

8) Tristar Group (UAE)

9) LAUGFS Gas PLC (Sri Lanka)

10) United Petroleum Holdings (Malaysia)

11) Vitol Asia PTE Ltd (Singapore) - Netherlands/Switzerland

12) Infinity NGC/Holdings (Mauritius)

13) China National Aero-Technology international engineering Corporation (China)

14) Consulting Engineers and Contracting Pvt Ltd -CEC (Sri Lanka)

Tuesday, March 12, 2024

Lyca Sri Lanka අලුත් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බුද්ධික වික්‍රමාදර මහතා පත්වෙයි


දශක දෙකකට වැඩි කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් බවට පත් වූ බුද්ධික වික්‍රමාදර මහතා අද ලයිකා ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙක්  ලෙස පත් කර තිබෙනවා.

දශක දෙකකට පෙර ITN මාධ්‍ය ජාලය සමඟ එක්වෙමින් තමන්ගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළ බුද්ධික වික්‍රමාදර මහතා ඉන් පසුව MTV නාලිකා ජාලය සමඟ එක් වුණේ වැඩසටහන් කළමනාකරුවෙක් වශයෙන්.

ඉන් අනතුරුව සිරස ටීවී සති අන්ත කළමනාකරු සහ TV 1 නාලිකාවේ නාලිකා ප්‍රධානී බවට පත්වූ වික්‍රමාදර මහතා MTV නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.

පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බුද්ධික වෙළෙඳ ප්‍රචාරණ ආයතන බොහොමයක නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

Saturday, March 9, 2024

අමාත්‍ය සරත් වීරසේකර ජනතාව වෙනුවෙන් නව මහල් නිවාසයක් ලබාදෙයි.

 


වසර ගණනාවක් තිස්සේ  දැඩි ලෙස අබලන් ව පැවති කොලොන්නාව "මජිඩ් මහල් " නිවාස  පසුගිය මහ මැතිවරණයේදී  මහතාගේ නිරීක්ෂණයට ලක්වූනු අතර ,  පදිංචිකරුවන් ගේ  එකම ඉල්ලීම වූයේ එම නිවාස ඉතා අනාරක්ෂිත බැවින් නව නිවාස ලබා දෙන ලෙසයි.  


ඒ අනූව ඔහු කළ ඉල්ලීම මත හිටපු ජනාධිපතිතුමා , පදිංචිකරුවන්  44 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට පොරොන්දු විය.


 එම පොරොන්දුවට අනුව පසුගිය දිනයේදී ,   අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් එම නිවාස ලාභීන් සඳහා යතුරු ප්‍රදානය කිරීම  කොලොන්නාව නගර සභාවේදී සිදු කරන ලදී.










Friday, March 1, 2024

ලෝක වෙළඳපොලේ මිල ගණන් යටතේ මාර්තු මාසයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලේ සිදුවන වෙනස

ලංකාවේ පවතින ආර්ථික රටාවත් එක්ක බහුතරයක් දෙනාට එදිනෙදා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට අධික වියදමක් පිරිවැයක් දරන්නට සිදුවෙනවා.එම නිසාම බහුතරයක් දෙනා මේ ආර්ථිකයත් එක්ක හෙම්බත් වෙච්චි කාලයක් තමයි ගත කරන්නේ.

නමුත් හැමදාමත් නිසි කලට වෙලාවට සුදුසු තීරණ ගන්නා රාජ්‍ය සමාගමත් සමාගමක් වන ලිට්රෝ  සමාගම විවිධ අත්‍යවශ්‍ය නිෂ්පාදිතයන්වල මිල ඉහළ යාම සිදු කරන කාලසීමාවක මාර්තු මාසයේ සිය පාරිභෝගිකයන් වෙනුවෙන් හිතකාමී තීරණයක් ගැනීමට තීරණය කර ඇත. 

එම නිසාම ඔවුන් මාර්තු මස ලෝක වෙළඳපළේ ගෑස් මිල නොවෙනස්ව පැවතීම හේතු කොටගෙන එහි වාසි සහගත තත්ත්වය ජනතාවට ලබාදීම උදෙසා මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මාර්තු මසට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව,

12.5 kg මිල රු.4250.00

5kg මිල රු.1707.00 

2.3kg මිල රු.795.00

ලෙස පෙර පරිදිම පවතිනු ඇත.